සුප්රසිද්ධ දකුණු කොරියානු Smart Phone නිශ්පාදන දැවන්වතයා වන Samsung සමාගමත් සුප්රසිද්ධ චීන Smart Phone නිශ්පාදකයා වන Huawei සමාගමත් දැනටමත් On-Screen Camera එනම් තිරය තුලම කැමරාව අන්තර්ගත Smart Phone නිපදවීමට උණුසුම් තරඟයක නියැලී සිටිනවා.එහෙත් නවතම වාර්තාවලට අනුව මෙම සමාගම් දෙකට අමතරව තවත් සුප්රසිද්ධ චීන Smart phone නිශ්පාදකයෙකු විසින් ලොව ප්රථම On-Screen Camera සහිත දුරකථනයක් නිකුත් කර ඇති බවට ස්ථිර නොවන ආරංචි මාර්ග පවසනවා.ඒ අනුව පෙනී යන්නේ 2019 වර්ශයේදී Smart Phone වල නවතම ප්රවණතාව වනුයේ මෙම On-Screen Camera තාක්ෂණය සහිත දුරකථන බවයි.
මෙම මාසයේදී, දකුණු කොරියානු දැවැන්තයා වන Samsung සහා සුපුසිද්ධ චීන Smart Phone නිශ්පාදකයා වන Huawei විසින් දෙසැම්බර් මාසයේදී නව Smart Phone දෙකක් හඳුන්වා දීමට නියමිතය.ඒ Samsung Galaxy A8s සහා Huawei Nova 4 යන දුරකථනයි.මෙම දුරකථන දෙකම On-Screen Camera තාක්ෂණය මෙන්ම Screen එක වටා border එකක් නොමැති මාදිලියේ දුරකථන ලෙස හඳුන්වා දෙන අතර වඩාත් පුළුල් තිරයක් සහිතව ඉදිරිපස කැමරාව සහ අනෙකුත් සංවේදක(Sensors) Screen එක තුලම අන්තර්ගත කර ඇත.
නමුත් මේ තරඟය සඳහා තවත් ප්රතිවාදියෙකු එක් වී සිටින අතර ඒ තවත් චීන බහු ජාතික තාක්ෂණික සමාගමක් වන Lenovo සමාගමයි.Lenovo සමාගමද මෙම විශේෂාංග සහිත Lenovo Z5s දුරකථනය දෙසැම්බර් මාසයේදී නිකුත් කරන බවටද දැනුම් දී ඇත.Lenovo සමාගම මෙම ප්රකාශය සිදු කරනු ලැබුවේ Huawei සමාගම තම නවතම Nova 4 දුරකථනය පිළිබඳව නිවේදනය කිරීමෙන් දින කීපයකට පසුවයි.
නවතම Lenovo Z5s දුරකථනයේ පෙනුම සහා ක්රියාකාරීත්වය දැක්වෙන වීඩියෝවක් Slashleaks You tube channel එක මඟින් Leak කර ඇති අතර එය පහත වේ.
තවද Huawei Nova 4 හි ඉදිරිපස කැමරාවේ පිහිටීම කෙබඳු වේ දැයි නිශ්චිත අදහසක් තවමත් නොමැති අතර එහි පිටුපස Huawei P20 Pro දුරකථනයට සමාන ලෙස Camera 3කින් සමන්විත වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි...
ඉතිං යාළුවනේ...මේ වගේ Tech News දැන ගන්න Tech Tricks Edu Facebook page එකට Like කරන්න.අනෙත් යාළුවන්ට දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා... .ගිහිල්ලා එන්නම්...සුභ දවසක්!
0 Comments