C Programming in Sinhala - First C Program ( C ප්‍රෝග්‍රැමින් පාඩම් මාලාව - පළවැනි C ප්‍රෝග්‍රෑම් එක ලියමු. )


සුභ දවසක් යාළුවෝ හැමෝටම...මේ තමයි Programming මුල ඉඳන් සරලව උගන්වන C Programming පාඩම් මාලාවේ දෙවන කොටස.😉ඉතිං අපි අපේ පළවැනි පාඩමෙන් ( C Programming - Introduction ) Computer Program එකක්, Programming Language එකක් සහා Compiler එකක් කියන්නේ මොකක්ද කියලා කථා කරා.ඒ වගේම මං හිතනවා ඔයාලත් දැන් Code block IDE එක බාගෙන Install කර ගෙන ඇති කියලා.👍ඉතිං තාමත් Code blocks දාගෙන නැත්නම් අපේ පළවැනි පාඩම C Programming - Introduction එකේ තියෙන download link එකට ගිහිල්ලා Install කරගන්න...

හරි දැන් අපි බලමු කොහොමද C Code එකක් ලියන්න පුළුවන් වෙන විදියට Code block IDE එක සකස් කරගන්නේ කියලා...එහෙනං ඔයාලා Code block open කරගන්න.ඊට පස්සේ මෙන්න මේ විදියේ Interface එකක් ඒවී.



මෙතනින් Create a new project ගිහිල්ලා Empty project තෝරලා Go මත click කරන්න.


හරි දැන් අපි Create කරන Project එකට නමක් දෙන්න ඕනි...ඊට පස්සේ Next මත Click කරන්න.


හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට Compiler එක Select කරන්න නියලා Dialog box එකක් ඒවි.ඒකේ කිසිම දෙයක් වෙනස් නොකර Finish මත Click කරන්න.


හරි දැන් File → New → Empty File (Ctrl + Shift + N)  ගිහිල්ලා අලුත් File එකක් Open කරගන්න.ඊට පස්සේ එන Message එකට Yes දීලා, Code එකට කැමති නමක් දීලා, නම අවසානයට ".C" කියලා දාලා Save කරගන්න. ( උදා:- first.c ) හරි දැන් අපි Code එක ලියන්න පුළුවන් වෙන විදියට Code block එක හදාගෙන ඉවරයි.දැන් එහෙනම් වැඩේට බහිමු...😎

හරි....අපි C Program එකක් ලියන කොට පොදු ආකෘතියක් (Structure) තියෙනවා ඒක කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නෑ...ඔයා මේ ආකෘතිය වරද්දන්නේ නැතුව හරියට Code කරන්න ඕන.එහෙම නැත්නම් ඔයාගේ Program එක Run වෙන්නේ නැතුව Error එකක් එනවා.ඒක හින්දා ඔයා මේ Coding Structure හොඳට පුරුදු වෙන්න ඕන...💪මේක මහා ලොකු දෙයක් නම් නෙමේ...හරිම සරල දෙයක්😉මේ තියෙන්නේ ඒ ආකෘතිය.



හරි ඔයාලා මුලින්ම ඉහත පෙන්වලා තියෙන විදියටම # include <stdio.h> කියලා Type කරන්න ඕන.මේක සෑම C Program එකකටම උඩින් අනිවා type කරන්න මතක තියාගන්න...ඒකෙන් කියන්නේ හරියට මෙන්න මේ වගේ දෙයක්...ඔයාලට මතක ඇතිනේ Compiler එක කියන්නේ කවුද කියලා👍 අන්න ඒ Compiler ට කියනවා stdio.h කියන Header file එක, compile කරන්න ඇතුලත් කරගන්න කියලා...stdio.h කියන්නේ Standard Input Output කියන එක.ඒ කියන්නේ Input Output සහිත අපේ C Program එක ලියන්න අවශ්‍ය කරන Header file එක තමයි stdio.h කියලා කියන්නේ.

ඊට පස්සේ main() කියලා Type කරන්න. main() කියන්නේ ‍Function එකක් කියලා දැනට විතරක් මතක තියාගන්න.මේ main() function එක ඇතුලේ තමයි program එක ලියවෙන්නේ.හැබැයි මේ Program codes සඟල වරහන්(Curly braces) ඇතුලේ තමයි ලියන්න ඕන.{ සහා } මඟින් code එකේ ආරම්භය සහා අවසානය සලකුණු කරනවා...හරි මං හිතනවා දැන් ඔයාලට C Programming Coding structure එක ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා...

හරි දැන් අපි අපේ පළවැනි C Program එක ලියමු...😉.අපි C codes පාවිච්චි කරලා String එකක් print කරගමු.ඉතිං ඒ සඳහා අපිට printf() කියන Function එක පාවිච්චි කරන්න වෙනවා.ඉතිං අමුතුවෙන් මතක තියාගන්න දෙයක් නෑනේ...Print කරන්න නම් printf() Function එක...😎


හරි දැන් මේ printf Function එක පාවිච්චි කරලා කොහොමද අපිට ඕන දේ Print කරගන්නේ?ඒකට කරන්න තියෙන්නේ printf Function එකේ වරහන්  open කරලා Double quotes(" ") ඇතුලේ අපිට ඕන කරන string එක ලියන එක. උදා:- printf("First C program"); 

ඉතිං මේ Double quotes ඇතුලේ අපි ලියන ඕනෑම string එකක් ඒ විදියටම print වෙනවා. තවත් වැදගත් දෙයක් තියෙනවා...ඒ තමයි සෑම coding line එකක් අවසානයේම semicolon ( ; ) එකකින් අවසන් කරන්න ඕන.ඉතිං මේ semicolon එක සෑම coding line එකක් අවසානයේම දාන්න අමතක කරන්න එපා.මොකද ඔයා කොච්චර හොඳට program එක ලිව්වත් එක semicolon එකක් හරි මිස් උණොත් program එක run වෙන්නේ නැතුව errors එනවා.

 ඉහත code එකෙන් එන Out put එක තමයි මේ...


හිතන්න අපිට මෙන්න මේ විදියට Out put එක ඕන කියලා...


අපිට මේ out put එක line තුනකින් ලියන්න වෙනවා.දැන් මං ඔයාලට කියලා දෙන්න යන්නේ අපි ලියන C codes වල New lines ගන්න හැටි.ඒක කරන්නේ මෙහෙමයි...

කරන්න තියෙන්නේ අපිට New Line එකක් අවශ්‍ය කරන තැනදී  \n කියලා type කරන එක.First සහා C කියන වචන අග, \n යෙදීම නිසා සෑම වචනයක්ම New line එකක print වෙනවා.

දැන් අපි බලමු අපි ලියා ගත්ත C codes, Code blocks වල Run කරන්නේ කොහොමද කියලා...Code blocks වල උඩම Build, Run, Build & Run කියලා Button 3ක් තියෙනවා. අන්න ඒ Button  වලින් Build & Run මත click කරාම පුළුවන් ඔයාගේ code එක Run කරගන්න...



හරි යාළුවනේ එහෙනම් ඔයාලා මං පහළින් දාලා තියෙන Tutorials ටික  කරලා Printf() Function එක සහ Coding structure එක හොඳට පුරුදු වෙන්න...

Tutorial 1:-

  • Display the message “This is a C Program ” (hint: use one printf statement). => Answer
  • Display the message “This is a C Program ” with each word on a separate line. (hint: use one printf statement) => Answer
  • Display the message “This is a C Program” with the words separated by tabs. => Answer

හරි  එහෙනම් Tech Tricks Edu එක්ක දිගටම එකතුවෙලා ඉන්න.අපේ Facebook page එකට Like කරලා අලුත් පාඩම් දාපු ගමන්ම දැනගන්න. C programming පාඩම් මාලාව ගැන අනෙත් යාළුවන්ට දැනගන්නත් එක්ක Share කරන්නත් අමතක කරන්න එපා...😉



Post a Comment

0 Comments