C Programming in Sinhala - Introduction (C ප්‍රෝග්‍රැමින් පාඩම් මාලාව - හැඳින්වීම)


සුභ දවසක් යාළුවෝ හැමෝටම! ඉතිං අද අපි Programming මුල ඉඳන් සරලව ඉගෙන ගන්න, මූලික අඩිතාලම තියන්න තමයි යන්නේ.ඉතිං ගොඩක් අය කියන දෙයක්නේ Programming ටිකක් අමාරුයි කියන එක...😥.ඒකට හේතුව තමයි අපි මොකක් හරි Programming Language එකක් ගෙඩිය පිටින්🍅 ඉගෙන ගන්න යන එක.

අපි Programming වල මූලික concept එක හරියට ඔලුවට දාගත්තොත් ඔය ඕනම Language එකක් ඉගෙන ගන්න එක අපිට ලේසි😇 වෙනවා.ඒක නිසා අපි C Programming වලින් වැඩේ පටන්ගමු...

අර කථාවකුත් තියනවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා...🚌😂.ඉතිං ඔක්කෝටම කලින් Computer Program එකක් කියන්නේ මොකක්ද? Programming Language එකක් කියන්නේ මොකක්ද කියලා දැනගමු.

සරලව කිව්වොත් අපිට පරිගණකයෙන් මොකක් හරි වැඩක් කරගන්න ඕන වුණාම, අපිට ඒක කරන විදිය පරිගණකයට කියලා දෙන්න වෙනවා.මොකද එයාට හිතලා යමක් කරන්න බෑනේ.අන්න ඒ විදියට අපිට යම් කිසි උපදෙස් මාලාවක් පරිගණකයට ලබා දෙන්න සිදු වෙනවා.අන්න ඒ උපදෙස් මාලාවට තමයි Computer Program එකක් කියන්නේ.

මේ විදියට Computer Program එකක් ලියන්න පාවිච්චි කරන Language එක තමයි Programming Language එකක් කියන්නේ.මේ Programming Languages (C, C++, JAVA, Python) අපිට තේරුම් ගත හැකි ඉංග්‍රීසි භාෂාවෙන් සහා ගණිතමය සංකේත (English and Mathematical notations) ඇසුරින් තමයි හදලා තියෙන්නේ.ඉතිං මේ Programming Languages මිනිසාට තේරුම් ගන්න ලේසි උණත් පරිගණකයට තේරුම් ගැනීමේ හැකියාවක් නෑ.මොකද පරිගණකයට තේරෙන්නේ 0 සහා 1 මත පදනම් වෙච්ච Machine language එක පමණක් නිසා.

හරි දැන් ඔයාලට Computer Program එකක් සහා Programming Language එකක් කියන්නේ මොකක්ද කියලා පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති.ඉතිං ඊළඟට ඔයාලට දැනගන්න තියෙන තවත් වැදගත් දෙයක් තමයි Compiler එක ගැන.

හරි මං ඒක මෙහෙම පැහැදිලි කරන්නම්...අපි මොකක් හරි Programming Language එකක් පාවිච්චි කරලා ලියන යම් උපදෙස් මාලාවකට කියන්නේ Source code එකක් කියලා. හැබැයි මේ Source code එක මිනිසාට තේරුම් ගැනීමට හැකි උණත් පරිගණකයට තේරුම් ගැනීමට නම් Machine language එකට Translate කරන්න වෙනවා.අන්න ඒ සඳහා තමයි අපිට Compiler එක වැදගත් වෙන්නේ.


හරි ඊළඟට තියෙන වැදගත් දේ තමයි අපි ලියන මේ  C codes run කරන්නේ මොන Platform එකේද කියන එක.ඒ සඳහා විවිධ ක්‍රම තිබුණත් මං මේ පාඩම් මාලාව කරන්න යන්නේ Code Block IDE එක යොදා ගෙනයි.හැබැයි ඔයාලා විවිධ platform පාවිච්චි කරන්න පුළුවන් ඒක ගැන එච්චර හිතන්න එපා. ගැටළු ඇති උනොත් comment section එකේ comment කරන්න...පහළ Download Button එක මත click කරලා Code Block IDE එක Download කරගන්න.


හරි එහෙනම් ඔයාලත් Code Blocks Download කරගෙන Install කරගන්න.මං හිතනවා ඔයාලට install කරගන්න විදිය කියලා දෙන්න අවශ්‍ය වෙනනේ නෑ කියලා.සාමාන්‍යයෙන් Software එකක් Install කරගන්න විදියටම Install කරගන්න...

හරි Tech Tricks Edu එක්ක දිගටම එකතුවෙලා ඉන්න.අපේ Facebook page එකට Like කරලා අලුත් පාඩම් දාපු ගමන්ම දැනගන්න. C programming පාඩම් මාලාව ගැන අනෙත් යාළුවන්ට දැනගන්නත් එක්ක Share කරන්නත් අමතක කරන්න එපා...😉










Post a Comment

1 Comments

  1. Mage source codes run wenne naha, compiler erroe ekak kiyala tamai massage ekak enne, udaw karanna puluwamda

    ReplyDelete