සුභ දවසක් යාළුවෝ හැමෝට...අපි කලින් පාඩමේදී අපේ පළවැනි C Program එක ලිව්වා...ඒකෙදී අපි කථා කරා printf statement එක පාවිච්චි කරලා කොහොමද simple string එකක් print කර ගන්නේ කියලා.ඉතිං අද අපි මේ පාඩමෙන් කථා කරමු එතනින් එහාට ගිහිල්ලා කොහොමද Variables පාවිච්චි කරලා වැඩක් කරගන්නේ කියලා.
අපි මුලින්ම බලමු මොකක්ද මේ Variable එකක් කියන්නේ සහා ඇයි අපට Variable අවශ්‍ය වෙන්නේ කියලා...අපි මොකක් හරි Program එකක් ක්‍රියාත්මක කරන විට අපි ඒ Program එකට ලබා දෙන Inputs මෙන්ම එම Program එක මඟින් අපිට ලැබෙන outputs වෙනත් විවිධ ප්‍රයෝජන, ගණනය කිරීම් සඳහා පරිගණක මතකය තුල ගබඩා කරගැනීමට අවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා තමයි අපිට Variables අවශ්‍ය වෙන්නේ.
සරලව කිව්වොත් පරිගණකයේ RAM එක තුල කිසියම් Value එකක් (අගයක්) ගබඩා කළ හැකි කුඩා ඉඩ ප්‍රමාණයක් තමයි Variable එකක් කියන්නේ...ඉතිං මේ Variable වලින් කිසියම් Value එකක් RAM එක තුල ගබඩා කරන්න කලින් අපිට නිවැරදිව Variable එකක් හදාගන්න වෙනවා...මෙම කියාවලිය Variable Declaration (ඩෙක්ලරේෂන්) ලෙස හැඳින්වෙනවා.
Variable Declaration එහෙම නැත්නම් Variable එකක් Declare කරනවා කියන එකේ අදහස Variable එකක් හදනවා, නිර්මාණය කරනවා වගේ දෙයක්...ඉතිං මේ Variable declare කරන්න අපිට ප්‍රධාන වශයෙන් කරුණු 2ක් ගැන දැන ගන්න වෙනවා...ඒවා තමයි.
- Data Type (දත්ත ප්‍රරූප)
- Variable Name / Identifier (Variable) එක සඳහා නමක්
එනම් Variable එකක් Declare කිරීම යනු කිසියම් Variable එකක් එයට අදාල නමක් සමඟ පරිගණක මතකයේ කුඩා ඉඩ ප්‍රමාණයක් වෙන් කිරීමයි.
දැන් අපි බලමු මොනවද මේ Data Types සහා Variable Names කියන්නේ් කියලා.
අපි Variable එකක් යොදා ගෙන යම් කිසි Value එකක් පරිගණක මතකයේ (RAM එකේ) ගබඩා කරන කොට ඒ සඳහා කොච්චර ඉඩ ප්‍රමාණයක් ඕන කරනවද කියලා තීරණය කරන්නේ මෙන්න මේ Data types (දත්ත ප්‍රරූප) වලින් තමයි.ඒ කියන්නේ අපි ගබඩා කරන්න යන Value එක අයත් වන Data Type එක මත පරිගණක මතකයෙන් (RAM එකෙන්) වෙන් කෙරෙන ඉඩ ප්‍රමාණයද වෙනස් වෙනවා.
දැන් අපි බලමු C Programming වලදී බහුලවම භාවිතා වන Data Types (දත්ත ප්‍රරූප) මොනවද කියලා.
- Int - ධන හෝ සෘණ පූර්ණ සංඛ්‍යා / Integers (උදා :- 0, 46, -12)
- Float සහා Double - ධන හෝ ඍණ දශම සංඛ්‍යා / Real numbers (උදා:- 0.1, 25.68)
- Char - යතුරු පුවරුවේ ඇති ඕනෑම අනු ලක්ෂණයක් / Characters (උදා :- K, #, 7, @, &)
මං හිතනවා දැන් ඔයාලට Data Type එකක් කියන්නේ මොකක්ද සහා Data Type වලින් කරන්නේ මොකක්ද කියලා පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.
දැන් අපි බලමු Variable Names (Identifiers) කියන්නේ මොනවද කියලා...
Variable Name එකකින් වෙන්නේ මෙන්න මේ වගේ වැඩක්...හිතන්න ඔයාට වැඩක් කරගන්න යාළුවෙක්ගේ ගෙදර යන්න ඕන කියලා.යාළුවා ඉන්නේ ගාල්ලේ එත් ඔයා එයාගේ ගෙදර Address එක (ලිපිනය) දන්නේ නෑ....එතකොට යාළුවාගේ ගම ගාල්ල උණත් ඔයාට වැඩේ කරගන්න යාළුවාගේ ගෙදර යන්න බැරි වෙනවා...
අන්න ඒ වගේ අපි කිසියම් Data Type එකක් පාවිච්චි කරලා කිසියම් Value එකක් RAM එකේ කුඩා Memory location එකක store කරත් Program එකට එම Data Value එක තියෙන Memory location එක හොයාගන්න බැරි වුණොත් අදාල වැඩ කටයුතු කිරීමට Program එකට නොහැකි වෙනවා...අන්න ඒ නිසා තමයි සෑම Variable එකකටම Data type එකක් මෙන්ම Variable Name එකකුත් දිය යුතු වන්නේ.ඉතිං C Programming වලදී Variable එකක් declare කරන( Variable එකක් Create කරන) Format එක (ආකෘතිය) තමයි මේ.
දැන් ඔයාලට Variable Name එකක කාර්යය පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මං හිතනවා.දැන් මං කියලා දෙන්නම් ඇයි අපිට Variable Name එකක් පාවිච්චි කරන්න වෙන්නේ කියලා...ඒක මෙන්න මේ වගේ වැඩක්...අපි මොකක් හරි Variable එකක් RAM එකේ කුඩා memory location එකක ගබඩා කරාම ඒ සෑම මතක ස්ථානයකටම(Memory location) එකකටම ආවේනික memory address එකක් තියෙනවා.එමඟින් අපි සකස් කරන Program එකට පහසුවෙන් අදාල memory location වලට ළඟා විය හැකි වෙනවා...
මේ සෑම ලිපිනයක්ම තියෙන්නේ Hexa decimal හෙවත් ෂඩ් දශමය සංඛයාවන් විදියටයි.මේ සෑම Memory address එකක්ම හඳුනා ගන්න පරිගණකයට ඉතා පහසු වුණත් මිනිසුන්ට නම් මෙම Hexa decimal Address සමඟ කටයුතු කිරීම පහසු කටයුත්තක් නම් නෙමෙයි. අන්න ඒ නිසා තමයි Programmer ට පහසු නමක් මෙම Hexa decimal Address එක වෙනුවට භාවිතා කරන්න Programming languages වලින් ඉඩ දීලා තියෙන්නේ...ඉහත රූප සටහනට අනුව 20 සහා 10 යන අඟයන් අයත් 0X0000889E සහා 0X00008889 යන Hexa decimal Address වෙනුවට X සහා Y යන Variable Names පාවිච්චි කර ඇත.
ඉතිං අපි C Programming Codes ලියන කොට Variable Names යෙදීමේදී අදාල නම අපිට පහසුවෙන් මතක තබා ගත හැකි අර්ථවත් නමක් භාවිතා කළ යතුවේ...එමඟින් ඕනෑම කෙනෙකුට අපේ Source code එක පහසුවෙන් තේරුම් ගත හැකි වෙනවා.
එමෙන්ම C Programming වලදී Variable Name එකක් භාවිතා කිරිමේදී අනුගමනය කළ යුතු නීති රීති කීපයක්ද ඇත.ඒවා නම්,
- ඉංග්‍රීසි හෝඩියේ අක්ෂරයකින් ආරම්භ කළ යුතුයි.
- පළමු අක්ෂරයට පසුව අක්ෂර (a-z, A-Z) , සංඛ්‍යා හෝ යටි ඉර (Underscore) (_) භාවිතා කළ හැකියි. (උදා:- student_name)
- C language එක තුල අක්ෂර භේදය බලපානු ලබයි.එනම් ART සහා art යනු variable name 2කි.
- වචන අතර පරතරයක් නොපැවතිය යුතුයි. (උදා:- student name - වලංගු නොවේ)
හරි අදට Variables පාඩම මං නතර කරනවා ඊළඟ පාඩමෙන් Variables - Part 2 එකෙන් බලමු කොහොමද Variables වලට value දාන්නේ සහා Variables පාවිච්චි කරලා code කරන්නේ කියලා...ගිහිල්ලා එන්නම්. සුභ දවසක්!
0 Comments