ලොව ප්‍රථම පරිගණක වෛරසය - BRAIN ( The world's first computer virus -BRAIN)


1980 දශකයේ පරිගණක නිශ්පාදනය මෙන්ම පරිගණක වැඩසටහන් නිශ්පාදනය අතින් ඉහලින්ම වැජබුණ රට වූයේ ඇමරිකාවයි.එමෙන්ම IBM පරිගණක නිශ්පාදන සමාගමට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි.මෙම දශකයේ සිදු වූ වැදගත් ආන්දෝලනාත්මක සිදු වීමක් වූයේ එතෙක් මිනිසුන්ට කිසිඳු අත්දැකීමක් නොතිබූ ලොව ප්‍රථම පරිගණක වෛරසය දකුණු ආසියාතික රටක් වූ පාකිස්ථානයෙන් බිහි වීමයි.

1986 දී පාකිස්ථාන ජාතික සහෝදරයන් වූ බාසිත් ෆාරුක් අල්වි සහා අම්ජාඩ් ෆාරුක් අල්වි යන අය විසින් IBM පරිගණක මෙන්ම MS-DOS මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරමින් BRAIN නැමැති ලොව ප්‍රථම පරිගණක වෛරසය නිර්මාණය කරනු ලැබීය.මෙම පරිගණක වෛරසයට DOS (FAT) File System ආකෘතියක් ඇති Floppy disk වල Boot sector එක ආසාදනය කිරීමේ හැකියාව තිබුණි.එමෙන්ම තම ක්‍රියාකාරීත්වය සහා පැවැත්ම සඟවමින් ක්‍රියාත්මක විය හැකි තාක්ෂණය භාවිතා කළ ලොව ප්‍රථම පරිගණක වෛරසයද මෙය විය.



මෙම සහෝදරයන් දෙදෙනා පාකිස්ථානයේ ලාහෝර් නුවර පරිගණක අලෙවිසැලක් පවත්වාගෙන ගිය අතර ඔවුන් ලියන ලද පරිගණක වැඩසටහන් ඔවුන්ගේ ගණුදෙනුකරවන් විසින් නීති විරෝධී ලෙස ව්‍යාජ පිටපත් සකස් කොට සංසරණය කර ඇති බවට දැනගන්නට හැකි විය.එම නිසා මෙම කියාවලිය වැළැක්වීමට සහා එවැනි ගණුදෙනුකරුවන්ට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් ඔවුන් BRAIN නැමැති පරිගණක වෛරසය නිර්මාණය කළහ.



ඔවුන් දෙදෙනා විසින් මෙම පරිගණක වෛරසය ඔවුන්ගේ ව්‍යාජ පිටපත් වලට ආසාධනය වන පරිදි නිර්මාණය කර ඇති අතර එම නීති විරෝධී පිටපත් වල වෛරසය ක්‍රියාත්මක වූ පසු වෛරසය නිර්මාණය කළ ඔවුන් දෙදෙනාගේ නම්, දුරකථන අංක 3ක්, ඔවුන්ගේ වෙළඳසැල් ලිපිනය සහා පරිශීලකයා හට ඔහුගේ පරිගණකය වෛරස් ආසාධනයකට ලක් වී ඇති බව සහා එම ආසාධනය ඉවත් කිරීමට වහාම ඔවුන් අමතන ලෙසට පණිවිඩයක්ද එම Virus code එක තුල ඇතුලත් විය. එය මෙසේ විය.
Welcome to the Dungeon © 1986 Brain & Amjads (pvt). BRAIN COMPUTER SERVICES 730 IZANAMI
BLOCK ALLAMA IQBAL TOWN LAHORE-PAKISTAN PHONE: 430791,443248,280530. Beware of this VIRUS.... Contact us for vaccination...


මෙම පරිගණක වෛරසය තම රට තුල ඇති ව්‍යාජ පරිගණක වැඩසටහන් අසාධනය කිරීමට නිර්මාණය කළත් එය ඔවුන්ට පාලනය කර ගත නොහැකි මට්ටමින් ලෝකය පුරා පැතිර ගියේය.කෙසේ නමුත් එය ඔවුන්ට වඩාත් තේරුම් ගත හැකි වූයේ එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහා අනෙකුත් යුරෝපා රටවල් බොහෝමයක පරිගණක පරිශීලකයන් විශාල වශයෙන් කෝපාවිශ්ඨව ඔවුන්ට දුරකථන ඇමතුම් ලබා දීමත් සමඟය.ඔවුන් දුරකථන ඇමතුම් ලබා දී කියා තිබුනේ තම Floppy disk වල නම වෙනස් වී ඇති බව සහා පරිගණක ක්‍රියාකාරීත්වය මන්ධගාමී වී ඇති බවයි.

කෙසේ නමුත් එම කාල වකවානුව තුල ඔවුන්ට එරෙහිව කිසිඳු නීතිමය පියවරක් නොතිබුණද ලෝක මාධ්‍ය ඔස්සේ මෙම පුවත ලෝකය පුරා පැතිර යද්දී බොහෝ රටවල් වලින් පැමිණි දුරකථන ඇමුතුම් වලින් ඔවුන්ගේ දුරකථන අවහිර විය.කෙසේ නමුත් එය ඔවුන්ගේ ව්‍යාපාරවලට කිසිදු බලපෑමක් ඇති නොකළේය.අද වන විට ඔවුනගේ Brain net සමාගම පාකිස්ථානයේ විශාලතම අන්තර්ජාල සේවා සපයන්නා බවට පත්ව ඇත.

මේ වගේ Tech News දැන ගන්න Tech Tricks Edu ‍Facebook page එකට Like කරන්න.අනෙත් යාළුවන්ට දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා... .ගිහිල්ලා එන්නම්...සුභ දවසක්!




Post a Comment

0 Comments