ඔබත් මෙම Apps භාවිතා කරනවාද?ඔබේ දත්ත ආරක්ෂිතද? අලුත්ම ‌හෙලිදරව්ව(Trojan android apps in Google playstore - Sinhala)


මැල්වෙයා නිර්මාණකරුවන් වර්තමානය වන විට Android පරිශීලකයන් ඉලක්ක කරමින් සිටින අතර Google play store තුලට ආක්‍රමණික ‌ලෙස විවිධ Android apps රාශියක් ඇතුලත් ‌කොට ඇති බව ‌හෙළිදරව් වී ඇත.2018 ඔක්තෝබර් මස මුල වන විට ‌‌මෙවැනි apps 29 ක ඒකතුවක් ‌‌සොයා ගැනීමට හැකි වී ඇති අතර ඒවා Device boosters, Cleaners, Battery managers සහා ලග්න පලා පල ලබා දෙන apps ලෙස පෙනී සිට ඇත.



මෙම මැල්වෙයා apps වල ප්‍රධාන අරමුණ වන්නේ විවිධ බැංකු මූල්‍ය සේවා සපයන ජංගම දුරකථන මෘදුකාංග වලින් තොරතුරු සොරකම් කිරීමයි.මෙම apps සාමාන්‍ය මැල්වෙයා වලට වඩා සංකීර්ණ ලෙස ක්‍රියා කරයි.එනම් මෙම මැල්වෙයා විවිධ නීත්‍යානුකූල මූල්‍ය ආයතන ලෙස පෙනී සිටින ව්‍යාජ පිවිසුම් තිර ඉදිරිපත් කරමින් තොරතුරු සොරකම් කිරීම සිදු කරයි.

මෙම මැල්වෙයා apps දුරස්ථව පාලනය වන ට්‍රෝජන් ආකාරයේ  වෛරස වන අතර ඉලක්කගත පරිශීලකයාගේ(Victim) smart phone එකේ ඇති විවිධ මූල්‍ය ආයතන වල මෘදුකාංග අනුකරණය කරමින් ඒ හා සමාන ව්‍යාජ පිවිසුම්තිර (Phishing pages) , ව්‍යාජ කෙටි පණිවිඩ එවීම වැනි මූල්‍යාතන සේවා අනුකරණය කිරීමේ හැකියාවක් මෙම ට්‍රෝජන් වලට ඇත. මෙම ට්‍රෝජන් apps  පරිශීලකයාගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වන පරිදි ප්‍රධාන පෙලේ මෘදුකාංග නිර්මාණකරුවන්ගේ වෙළඳ නාම වලට සමාන විවිධ නම් භාවිත කරමින් Google play store එක තුලට මෙම apps ඇතුලත් කර ඇත.

ප්‍රතිවෛරස නිශ්පාදකයෙකු වන ESET සහා සෙසු පරීක්ෂකයන් මේ පිළිබඳව Google සමාගමට දැනුම් දීමේන් අනතුරුව මේ වන විට ට්‍රෝජන් apps 29ක එකතුවක් Google play store එකේන් ඉවත් කොට ඇත.කෙසේ වෙතත් මෙම apps ඉවත් කිරීමට පෙර  ලොව පරිශීලකයන් 30,000 කට අධික පිරිසක් මෙම apps install කරගෙන ඇති බවට ඔවුන් වැඩිදුරටත් දන්වා ඇත.

බොහෝමයක් මෙවැනි apps වරක් install කල විට එම app එක device එක සමඟ නොගැලපෙන බවට error message එකක් නිකුත් කරයි.එම error message එකට OK දුන් සැණින් ට්‍රෝජන් එක ක්‍රියාත්මක වී පරිශීලකයාට නොදැනුවත්වම ක්‍රියාකරමින් දත්ත සොරකම් කිරීම සිදු කරයි.


වාසනාවකට මෙන් මෙම ට්‍රෝජන් apps victim ගේ device එකේ නොනැසී පවත්වා ගැනීමට ඉහළ සංකීර්ණ උපක්‍රම භාවිත කරන්නේ අල්ප වශයෙනි.එම නිසා ඔබත් මෙවැනි සැක සහිත apps ස්ථාපනය කර ඇත් නම් හැකි ඉක්මනින්ම uninstall කිරීම වඩා සුදුසුය.

එමෙන්ම ඔබේ බැංකු ගිණුමේ සැකසහිත මුදල් ගණුදෙනු මෙන්ම pin code වෙනස් වීමක් සිදු වී ඇත්දයි සොයාබැලීම සිදු කරන්න.

හරි මං දැන් ඔයාලට කියලා දෙන්නම් මේ Trojan apps තර්ජන වලින් වැළකෙන්නේ කොහොමද කියලා.


  1. Google play store එකෙන් පමණක් apps download කරන්න.(තෙවන පාර්ශව site වලට වඩා Google play store වල මෙම තර්ජන අඩු මට්ටමක ඇත)
  2. Google play store එකෙන් download කිරීමට පෙර කොතරම් ප්‍රමාණයක් download කර ඇත්ද, Apps ratings, Comments සහ අන්තර්ගතය පරීක්ෂා කරන්න.
  3. Apps install කිරීමේදී ඒ සඳහා ලබා දෙන permission පිළිබඳ සැලකිලිමත් වෙන්න.
  4. එමෙන්ම ජංගම දුරකථනය නියමිත දිනට update කර විශ්වාසනීය ප්‍රති වෛරස(Anti virus) මෘදුකාංගයක් ස්ථාපනය කරගන්න
පහළින් දක්වා ඇත්තේ මෙවැනි මැල්වෙයා apps කීපයකි.


Power ManagerMaster Cleaner – CPU Booster
Astro PlusDaily Horoscope – Astrological Forecast
Master Cleaner – CPU BoosterSpeed Cleaner – CPU Cooler
Master Clean – Power BoosterHoroscope 2018
Super Boost CleanerMeu Horóscopo
Super Fast CleanerMaster Clean – Power Booster
Daily Horoscope For All Zodiac SignsBoost Your Phone
Phone Booster – Clean Master“Phone Cleaner – Booster
Speed Cleaner – CPU CoolerClean Master Pro Booster 2018
Ultra Phone BoosterClean Master – Booster Pro
Free Daily Horoscope 2019BoostFX.Android cleaner
Free Daily Horoscope Plus – Astrology OnlineDaily Horoscope
Phone Power BoosterPersonal Horoscope
Ultra Cleaner – Power BoostHow to stay safe

හරි යාළුවනේ අනෙත් යාළුවන්ටත් මේ ගැන දැන ගන්නත් එක්ක මේ Tech News share කරන්න.තවත් දවසක මේ වගේ News එකක් අරං එන්නම්.සුභ දවසක්!

Post a Comment

0 Comments