Pen drive එක කියන්නේ Smart phone එක හැරුණම අපිට තියෙන අත්‍යවශ්‍යම Portable ගැජට් ඒකක්නේ.ඉතිං ඔයත් ඔයාගේ වැදගත් පෞද්ගලික දත්ත විවිධ කටයුතු සඳහා Pen drive වලට ගබඩා කරගන්නවා ඇති.හිතන්න ඔයාගේ Pen drive එක නැතිවුණා කියලා.ඒතකොට ඔයාගේ Pen drive ඒකේ තියෙන දත්ත වෙනත් කෙනෙකුගේ අතට පත් වුණොත් මොකද කරන්නේ?😨
ඉතිං ඒකට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි Pen drive එක Password ඒකක් සහිතව දත්ත encrypt කරන එක.එතකොට Pen drive එක නැති වුණත් අපේ දත්ත වෙනත් කෙනෙකුගේ අතට පත් නොවෙන බවට නම් විශ්වාසයි.😌😏
මේ විදියට Pen drive ඒක lock කරන්න පුළුවන් විවිධ Software තිබුණත් අද මං කියලා දෙන්න යන්නේ කිසිම third party software ඒකක් භාවිතා නොකර Pen drive ඒක Lock කළ හැකි ක්‍රමයක්.මේ ක්‍රමය දන්න අයත් ඇති.ඒත් නොදන්න අයට දැනගන්නත් ඒක්ක මේ Post ඒක දාන්න කියලා හිතුවා.හරි ඒහෙනං වැඩේට බහිමු.😉
- මුලින්ම Pen drive එක පරිගණකයට සම්බන්ධ කරගන්න
- ඊටපස්සේ Control panel ඒකට ගිහිල්ලා System and Security මත click කරන්න.
- ඉන්පසු Bitlocker drive encryption මත Click කරන්න.
- ඉන් පසු Removable data drives - Bitlocker To Go යටතේ ඇති ඔබේ Pen drive ඒක මත click කරන්න.
- ඉන්පසු Use a Password to unlock the drive යන ක්‍රමයට ( ✓ ) යොදන්න.ඉන් පසු ඔබට අවශ්‍ය Password එක යොදා Next click කරන්න.
- දැන් encryption key එකේ backup ඒකක් ගන්න ඔ්න.මේ සඳහා ක්‍රම 3ක් ඇත.ඒනම්,
- Save to your Microsoft account - මෙම ක්‍රමය Windows 10 වලට පමණක් අදාල වේ.
- Save to a file - Encryption key එක පරිගණකයට Save කර ගැනීමට හැක.
- Print the recovery key - Encryption key ඒක print out ඒකක් ලෙස ලබා ගත හැක.
- මෙහිදී Save to a file තේරීම වඩාත් පහසු වේ.
- ඉන් පසු choose how much your drive to encrypt යටතේ තේරීම් 2ක් ඇත.ඒනම්
- Encrypt used disk space only - මෙම ක්‍රමය වඩා වේගවත් ක්රමයකි.ඔබගේ Pen drive ඒකේ කිසිම file ඒකක් නැත්නම් මෙම ක්‍රමය වඩා සුදුසු වේ.ඒසේ නැතිනම් Pendrive ඒකේ back up ඒකක් ගෙන format කර encrypt කරගන්න.
- Encrypt entire drive - මෙම ක්‍රමය මන්දගාමී වේ.
- ඉන්පසු encryption mode යටතේ Compatible mode කියන ඒක තෝරන්න.
- දැන් Start encrypting මත click කරන්න.
- ඉන්පසු pen drive ඒක encrypt වූ පසු Pen drive ඒක ගලවා නැවත සම්බන්ධ කරන්න.මෙහිදී ඔබට පහත අයුරින් Password ඒක ඇතුලත් කිරීමට සිදු වේ.හරි දැන් ඔයාගේ Pen drive ඒකත් password protected සුපිරි pen drive ඒකක් වෙලා😊
සැ.යු :- මෙහිදී ඔබට Pen drive එක format කිරීමකින් තොරව Password එක වෙනස් කිරීමට හැකියාව ඇත.ඒමෙන්ම ඔබේ පරිගණකයට password ඇතුලත් කිරීමකින් තොරව open කිරීමේ හැකියාව ඇත.
- මේ ක්‍රමය වැඩ කරන්නේ Windows 7, 8 සහ 10 වලට විතරයි කියලත් මතක තියාගන්න. මේක XP වලට නම් සපෝට් නෑ.
හරි යාළුවනේ post ඒක කියවලා යාළුවෝ අතර බෙදා ගන්නත් අමතක කරන්න එපා.ඉතිං තවත් දවසක මේ වගේ Tech Trick ඒකක් අරන් එන්නම්. සුභ දවසක්!
1 Comments
Skok Mama kamathiy oyage post walata
ReplyDelete